Sunday, May 19, 2024

General line - 0115112241

මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය 




පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරයා විසින් මේ බව සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත්තේ.

පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා තමන්ව ආශ්‍රය කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා දැනුම් දී සිටියි.