Sunday, May 19, 2024

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන තීරණයක්




ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා පවසනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා ලාභීන්ට පමණක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති. එම කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකෙරෙන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.