Sunday, May 19, 2024

General line - 0115112241

කොළඹ ආසාදිතයින්ගෙන් සියයට 75 කට ඩෙල්ටා




කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා ප්‍රභේදය අධි ව්‍යාප්තියක් සහිතව සීග්‍රයෙන් පැතිර යමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහි දැක්වෙන්නේ ජූලි මස 07 වනදා වනවිට සියයට 19.3 ක පැවැති ඩෙල්ටා ව්‍යාප්තිය ඉකුත් 31 වනදා වනවිට සියයට 75 සීමාව ඉක්මවා ගොස් තිබූ බවයි.

අවසන් සතිය ඉක්මවා යන විට ඩෙල්ටා ව්‍යාප්තිය සියයට 90 සීමාවට ආසන්න වී ඇති ආකාරය ඔහු සිය ට්විටර් ගිණුමට එක්කර තිබූ ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකියි.

ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව පවසා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යායතනය වෙත ලද ඡක්‍ඍ සාම්පල පරීක්ෂණ මත පදනම්වයි.