Sunday, May 19, 2024

General line - 0115112241

ගතවූ දින 08 ක කාලය තුළ මෙරටින් අළුතින් කොරෝනා ආසාදිතයින් 19,595ක්




ගතවූ දින 08 ක කාලය තුළ මෙරටින් අළුතින් කොරෝනා ආසාදිතයින් 19,595 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මෙම දින අටේම දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

ඉකුත් ජූලි 29 වනදා සිට ඊයේ දිනය දක්වා මෙම තත්ත්වය දැකගත හැකියි. ඉන් 03 කදී ආසාදිතයින් 2,500 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර තවත් දින 03 ක ආසාදිතයින් 2,500 සීමාව සමීපයටම පැමිණ තිබුණා.

ගතවූ දින 08 ක කාලය සැසඳීමේදී වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ඊයේ දිනයේයි.

එම ආසාදිතයින් සංඛ්‍යාව 2,674 ක්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්තවලට අනුව මෙම ආසාදිතයින් වාර්තා වූ දිනයේ සිදුකර ඇති PCR  පරීක්ෂණ ප්‍රමාණය 14,569 ක් වනවා.

ඒ අනුව සෑම PCR  පරීක්ෂණ 05 කින් 1 ක් ආසාදිතයෙකු වාර්තා වන සම්භාවිතාවක් මේවනවිට දැකගත හැකියි.  

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ දිනයේ තහවුරු කෙරුණු අතර එම සංඛ්‍යාව 94 ක්.