Sunday, May 19, 2024

General line - 0115112241

තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුටත් කොරෝනා




මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට, සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.

ඒ අනුව තමන් ඇතුලු පවුලේ සමාජිකයින් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටින බවත්, තමන් සමග සමිපව කටයුතු කළ පුද්ගලයින් ද වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

ඒ අනුව ඉකුත් 01 වනදා සිට තමන්ව සමීපව ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මන්ත්‍රීවරයාසිය ෆේස්බුක් සටහනේ දක්වා තිබෙනවා.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට ද කොරෝනා වෛරසය ආසාදිත බවට මේවනවිට වාර්තා වනවා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර අනාවරණ වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම හා ශශේන්ද්‍ර රාජපක්ෂ ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.