Sunday, May 19, 2024

General line - 0115112241

තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දෙන්න අවධානය




මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. එන්නත්කරණය සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව විසින් තුන්වන මාත්‍රාවක් හෝ බුස්ටර් ලබා දීමට අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලබාදී ඇති එන්නත් මාත්‍රා දෙකෙහි ප්‍රතිශක්තීකරණය අනුව 3 වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට මෙලෙස අවධානය යොමුව තිබෙනවා. එලෙස ලබාදෙන්නේ කුමන එන්නත් මාත්‍රාවක් යන්න පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. රටවල් කිහිපයක් සිය 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා.  

ෆයිසර් එන්නත 3 මාත්‍රාව ලෙස හෝ බූස්ටර් එන්නතක් ලෙස මෙරට ජනතාවට ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණවල දත්ත අනුව තීරණයක් ගැනීමටයි එන්නත්කරණය සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදීද 3 වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. එහිදී ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ ඒ පිළිබඳ සොයා බලා ඕනෑම අවස්ථාවක තුන්වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සළසන ලෙසයි. 

තුන්වන මාත්‍රාවක් ලබාදීම පිළිබඳව මතුව ඇති කථාබහ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පළ කළා.