Sunday, May 19, 2024

General line - 0115112241

ගුරු - විදුහල්පතිවරු අද කැබිනට් මණ්ඩලයෙන් ලැබෙන තීරණය ගැන අවදානයෙන්




ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු සිය ඉල්ලීම්වලට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදීද ස්ථිර විසදුමක් නොලැබුණහොත් සිය වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං.

ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. සිය ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා ඔවුන් රට පුරා විරෝධාමාලාවක් ආරම්භ කළ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග එම විරෝධතා තාවකාලිකව අත්හිටුවීමටයි ගුරු විදුහල්පති සංගම් ඉකුත්දා තීරණය.