Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණය තවදුරටත්




බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.