Sunday, May 19, 2024

General line - 0115112241

මෙරට පුද්ගලයින් හාරලක්ෂ 90,000 කට ඊයේ දිනය තුළ කොරෝනා මර්දන එන්නත්




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් හාර ලක්ෂ 90,805 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

එය දැක්වෙන්නේ එක් දිනක් තුළ මෙරට පුද්ගලයින්ට ලබාදුන් දෙවන වැඩිම එන්නත් ප්‍රමාණය ලෙසයි.

ඒ අතරින් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ  11,102 ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේදී ලබාදී ඇති පළමු එන්නත් මාත්‍රා ගණන එක් ලක්ෂ 79,703 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.