Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසක තවමත් ගෑස් හිඟයක්




ප්‍රදේශ රැසක අදත් ගෑස් හිඟයක් පවතිනවා.

ප්‍රමාණවත් පරිදි ගෑස් සැපයුම් නොලැබීම හේතුවෙන් එලෙස ගෑස් හිඟයක් පවතින බවයි අලෙවි නියෝජිතයින් පවසන්නේ. මධ්‍යම කඳුකරයේ නගර රැසක ගෑස් හිඟය පවතින  බවයි හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

ගාල්ල සහ අවට ප්‍රදේශවලද ගෑස් හිඟයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.

මේ අතර දේශීය වෙළඳපොලේ පවතින කිරි පිටි හිඟය සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව කිරි පිටි ආනයනය කිරීම සඳහා පවතින බදු සංශෝධනය කිරීම හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව ඇත්තේ.

ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය මුදල් අමාත්‍යවරයා වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.