Sunday, May 19, 2024

General line - 0115112241

තිලාන් සමරවීරට නව තනතුරක්




නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර නම් කර තිබෙනවා.

ඒ, ඉදිරියේදී යෙදී ඇති නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සහ පාකිස්තාන එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාර සඳහායි.

තිලාන් සමරවීර මීට පෙර 2019 වසරේදී නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදීද නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.

ටෙසට් තරඟ 81 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති තිලාන් සමරවීර එහිදී ශතක 14 ක් සහ අර්ධ ශතක 30 ක් සමගින් ලකුණු 5,462 ක් රැස් කරගෙන තිබෙනවා.

එක්දින තරඟ 53 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති තිලාන් සමරවීර ශතක 02 ක් සමඟින් රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 862 ක්.