Thursday, May 9, 2024

General line - 0115112241

කොරෝනා මැද බැටකන යුරෝපයට තවත් ප්‍රශ්නයක්




යුරෝපයෙන් වාර්තා වන උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව යුරෝපයෙන් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාව ද අළුත් වී ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතෙන්. 

ඒ අනුව ඉකුත් දා සිසිලි දූපතෙන් වාර්තා වූ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48.8 ක් ලෙසයි. ඒ අනුව එය යුරෝපයේ වාර්තා අලුත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඊට හේතුව වන්නේ මීට පෙර යුරෝපයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වි තිබුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින්. ඒ, 1977 වසරේදීයි. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක්. ඒ අනුව සිසිලි දූපතෙන් වාර්තා වූ අගය ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් වනු ඇති. 

දේශගුණික විපර්යාස හා උෂ්ණත්වය ඉහළ යාම යුරෝපය ප්‍රමුඛව ලොව කලාපීය රටවල් රැසක් මේවනවිට මුහුණ පාන බරපතල අර්බුදයක්. මේවනවිට එහි දැඩි ප්‍රතිවිපාක විඳිමින් සිටින්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ හටගත් ලැව්ගිනි මෙතක් පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් රටවල සහය ලැබී තිබුණත් එම ලැව්ගිනි පාලනයට ග්‍රීසිය මෙතෙක් සමත් වී නැහැ.