Friday, May 3, 2024

General line - 0115112241

ගුරු ප්‍රශ්නයට ආණ්ඩුව කොළ එළි දල්වයි




තම අරගලය කිසිසේත් අවසන් නොකරන බව ගුරු වෘත්තීය සමිති පවසනවා. ඒ, කොළඹදී අද පැවැති සත්‍යග්‍රහයට එක්වෙමින්. මේ, ඊට එක්වූ ලංකා ගුැ සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්. 

මේ අතර විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද පෙරවරුවේ කොළඹ දී රැස්වුණා.

එහිදී මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගැනීමටයි කමිටුව කටයුතු කර ඇත්තේ. එළඹෙන සතිය තුළ තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි කැබිනට් අනු කමිටුව පැවසුවේ.