Friday, May 3, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වෙයි 




ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 87 දෙනෙකු සහ කාන්තාවන් 69ක් වනවා. 

අවුරුදු 30-59 ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගල මරණ 35ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 121ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.