Friday, May 3, 2024

General line - 0115112241

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 11 දෙනෙකුට කොරෝනා

ලසන්ත නිරෝෂණ පෙරේරා - රත්නපුර




කහවත්ත මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.

කහවත්ත මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කල වෛද්‍යවරයෙකුට සහ ඵහි සේවය කල සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයේ  පස් දෙනෙකු ඇතුළුව සෙසු වාට්ටු වල සේවය කල සේවයින්ටද කොවිඩ් වෛරසය වැලදී ඇති බවයි රෝහල් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ඇතුළු සෙසු සේවයන් බාධාවකින් තොරව සිදුකරගෙන යන බව රෝහල් බලධාරීන් සඳහන් කර සිටින්නේ.

කහවත්ත මුලික රෝහලේ කොව්ඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගින් 50 ක් ඇතුළත් කරගත හැකි අතර එහි ධාරිතාවය ද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග මාතලේ, පලාපත්වල නගරය සහ මඩවල, උල්පත නගරවල කඩසාප්පු ඇතුලු සියලු වෙළදසැල්, වෙළදසැල් හිමියන් විසින්ම  අද සිට ලබන 18 වනදා දක්වා  වසා දමා තිබෙනවා. මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙණිය පැවසුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතියකට ප්‍රමාණවත් පරිදි මිලදී ගන්නා ලෙස ප්‍රචාරක රථ මගින් දැනුම් දුන් බවයි.