Thursday, May 9, 2024

General line - 0115112241

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ විශේෂාංග කිහිපයක් කල් දමයි 




71 වන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය හා පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වීමට නියමිත තිබූ විශේෂාංග කිහිපයක් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ දිනයේදී පැවති කප් සිටුවීම, අගොස්තු 27 වෙනිදා පැවැත්වීමට නියමිත මල් පෙරහැර , අගොස්තු 28 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාවඩ පෙරහැර හා අගොස්තු 29 වෙනිදා පැවැත්වීමට දියකැපීම සහ දේව දානය පවත්නා මේ අයුරින් පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ වලට හා රජයට සහාය ලබා දීමක් ලෙස දින නියමයක් නැතිව කල්  දැමීමට බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල ඇසළ පෙරහැර කොමිටිය  තීරණය කර ඇත.

එසේම අගෝස්තු 23 වෙනිදා පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි හා මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි අනුස්මරණ දේශනය, 
අගෝස්තු 25 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ අගෝස්තු 26 වෙනිදා දහවල් දානය නියමිත පරිදි සිදුකෙරෙන බවද දන්වා සිටීයී.