Thursday, May 9, 2024

General line - 0115112241

සතියක් තුල ආසාදිතයින් වාර්තා වීම සියයට 117කින් ඉහලට




ගතවූ සතියක කාලය සැසදීමේදී මෙරට දෛනික ආසාදිතයින් වාර්තා වීම සියයට 117කින් ඉහල ගොස් තිබෙනවා. ඉකුත් අගෝස්තු 05වනදා සිට අගෝස්තු 11වනදා සතිය සැලකීමේදී එම සතිය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,101ක්. ඉකුත් 12වනදා සිටි ඊයේ දිනය දක්වා සතිය සැලකීමේදී වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,624ක් වනවා.

ඒ අනුව ගතවූ සතිය හා සැසදීමේදී ඊයේ දිනයේ අවසන් වූ සතිය තුළ රෝගීන් වාර්තා වීම සියයට 117යි දශම 05කින් වැඩි වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. 

මෙම දින 14 තුළ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 43, 725 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය සැලකීමේදී දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ සම්භාවිතාවද 3,100 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.

ඉකුත් අගෝස්තු 05වනදා සිට ඊයේ දිනය දක්වා දින 14තුළ ක්‍රමිකව දෛනික ආසාදිතයින් 2674 සිට 3,660ක් දක්වා වර්ධනය වී ඇති අයුරුද දැක ගත හැකියි. එම දිනවල සිදුවූ දෛනික කොරෝනා මරණද එලෙසම වර්ධනය වී තිබෙනවා.