Friday, May 3, 2024

General line - 0115112241

මුව ආවරණ නොපැලිදි වරදට සිංගප්පුරුවෙන් සිරඳඩුවම්




පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බි්‍රතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබෙනවා. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයාට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එම සිදුවීම ඉකුත් මැයි මාසයේ සිදුව තිබුණා. 

මේ අතර ඔලිම්පික් උළෙලටද බලපෑම් එල්ල කළ කොරෝනා වෛරසය පැරා ඔලිම්පික් උළෙලටද බලපෑම් එල්ල කරමින් තිබෙනවා. ඒ, එම ක්‍රීඩා උළෙල ආරම්භයට දින 04ක් පමණක් ඉතිරිව තිබියදීයි.