Friday, May 10, 2024

General line - 0115112241

අද රාත්‍රී 10සිට රටපුරා නිරෝධායන ඇඳිරි නිතිය පැනවේ




අද රාත්‍රී 10.00 සිට ලබන 30 වෙනිදා අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පිරිස් මෙන්ම අපනයන කේෂ්ත්‍රය, ඇගලුම්, කර්මාන්තශාලා, කෘෂි කාර්මික කටයුතු සහ ඖෂධ අලෙවි සැල්වල සේවකයින්ට සිය අනන්‍යතාවය ඔප්පු කර පෙන්වා ගමන් කිරිමට හැකියාව ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී වයස අවුරුදු 60ට වැඩි එක එන්නතක් හෝ ලබා නොගත් වැඩිහිටි පුද්ගලයින්ට එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.