Monday, May 13, 2024

General line - 0115112241

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් තොරව යටිනුවරදී දවස පුරා




ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවවූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. 

ඉකුත් ඇසළ පුර පසලොස්වක පොහොය දා වස් සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂුන් වහන්සේට අද පසුවස් සමාදන්වීමට හැකි අවස්ථාව හිමි වන බවයි  ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද නෙත් එෆ් එම් රේඩියෝව හරහා ශ්වේත පූජා පිංකම් මාලාවට එක්වන ලෙස උන්වහන්සේ සියළු සැදැහැවතුන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.

නිකිණිපුර පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා පැවැත්වෙන්නේ යටිනුවර, දොඩම්වල, දියකෙලිනාවල කිස්සිරි මෙවන් රාජමහා විහාරස්ථානයෛ්දීයි.  

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කෙරෙනවා. 

ඒ, කිසිදු මහජන සහභාගිත්වයකින් තොරව සෞඛ්‍ය රීතීන්වලට යටත්වයි. ඉකුත් 9 වනදා මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ සතර මහා දේවාලවල කප් සිටුවනු ලැබුවා. 

ඉන් අනතුරුව 12 වනදා තෙක් දේවාල අභ්‍යන්තර පෙරහැර 5 ක් ද පැවැත්වුණා. 

ඉකුත් 13 වනදා සිට පුරා දින 5 ක් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරුණා. ප්‍රථම රන්දෝලි පෙරහැර විථි සංචාරය කෙරුණේ ඉකුත් 18 වනදායි.  

ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කිරීමෙන් අනතුරුව හෙට දිනයේ ගැටඹේ තොටේදී දිය කැපීම සිදුවනවා. හෙට දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.