Thursday, May 9, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්




ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා. 

එබැවින් අමෙරිකානු වැසියන්ට කාබුල් ගුවන්තොටුපොළ මගහැර සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බවයි බී බී සී ලෝක සේවය සඳහන් කළේ. 

සිය රජයේ නියෝජිතයෙක් විසින් කරන දැනුම්දීමකට අනුව පමණක් කිසියම් අයෙක් ගුවන්තොටුපොළට පැමිණිය යුතු බවයි අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ. 

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොලේ පිටත ප්‍රදේශය තුළ ආරක්ෂක තර්ජනයක් පවතින බවට අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළා. 

මේ අතර කාබුල් ගුවන්තොටුපොලේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට ජර්මනියද සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා. 

තලබොන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග රටින් පළායෑමට උත්සාහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොලේ තවමත් පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයක් බවයි විදේස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එරට පවතින වාතාවරණය හේතුවෙන් අරමුදල් ලබා දීමද තවාකාලිකව අත්හිටුවා තිබෙනවා. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසයේ ලබා දීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 268ක මූල්‍ය ප්‍රධානයක් ද අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.