Monday, May 13, 2024

General line - 0115112241

මෙරට ඩෙල්ටා විකෘති ප්‍රභේද ගණන 04ට නගී




ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද 04ක් මෙරටින් හදුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නිලිකා මලවිගේ පවසනවා. 

ඇය මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ සඳහා සියලු විද්‍යුත් නාලිකා ඒකාබද්ධ අද සජිවි ප්‍රචාරය කළ විශේෂ වැඩසටහනකට එක්වෙමින්.  “ හුස්ම ” ලෙස නම් කෙරුණු එම වැඩසටහන සංවිධාන කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය විසින්. 

මේ එම වැඩසටහනට එක්වෙමින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේදයන් පිළිබඳ අදහස් දැක්වු මහාචාර්ය නිලිකා මලවිගේ.

IDH  රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමද මෙම වැඩසටහනට එක්වුණා. 

නිවසේදී ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සහ නිවසේ සිටින සෙසු පුද්ගලයින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු මෙලස අදහස් පළ කළා.  

මෙම විශේෂ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබා ගැනීමට ජනතාව කටයුතු කරන ලෙසයි. 

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 3,110 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.