Monday, May 13, 2024

General line - 0115112241

ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරුට ඇප 




රට තුළ ඉන්දන හිගයක් මතු වියහැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද ඇප මත මුදා හැරුණා. 

ඒ කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10ය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මෙහිදී නියෝග කෙරුණේ. 

ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගැණුනේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විමර්ෂණයේදී අදාල ප්‍රකාශය අසත්‍ය එකක් බව අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.