Friday, May 3, 2024

General line - 0115112241

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඕස්ට්‍රේලියානුවන්ට විශේෂ අවස්ථාවක් 




පූර්ණ එන්නත්කරණයට ලක් ව සිටින ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නොමිලේ ගුවන් ගමන් ලබාදීමේ වැඩපිළිවෙළක් ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන 'ක්වන්ටාස්' විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

"ක්වන්ටාස්" සමාගම නිවේදනය කළේ ඕස්ට්‍රේලියාව තුළ 70% ත් 80 %ත් අතර පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ රජයේ සැලසුමට සහාය පිණිස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

නොමිලේ ගුවන් ගමන්වලට අමතර ව ඉඳුම් හිටුම් සහ නවාතැන් පහසුකම් ද මෙම දිනුම් ඇදීම යටතේ සිදුවනවා. 

ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි ඕනෑ ම අයෙකු ඊට සුදුසුකම් ලබන බවයි විදෙස් මාධ්‍ය පෙන්නවා දෙන්නේ.