Friday, May 3, 2024

General line - 0115112241

විදෙස් හමුදාවන්ට තලෙයිබාන් සංවිධානයෙන් අනතුරු ඇගවීමක්




දැනට සිදු කරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා ලබා දී ඇති දිනයන් කිසිසේත් දීර්ඝ නොකරන බව තලෙයිබාන් සංවිධානය පවසනවා. 

විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අගෝස්තු 31 වනදිනට නිම වීමට ඇති මුදා ගැනීමේ මෙහෙයුම්වල අවසානය තවත් දීර්ඝ නොකරන බවයි. 

ඒ අනුව විදෙස් හමුදාව කලින් නිවේදනය කළ නියමිත කාලය තුළ සිය මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ගත යුතු බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ. 

එසේ නොමැති නම් එය පැහැදිලි ලෙස ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව ද තලෙයිබාන් සංවිධානය පවසනවා. 

කෙසේවෙතත් මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය, අමෙරිකාවෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ, කාබුල් ගුවන් තොටුපළ තුළ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් දින කිහිපයකින් දීර්ඝ කරන ලෙසයි. 

තලෙයිබාන් පාලනයට බියෙන් රටින් පළා යාම සඳහා තවත් විශාල පිරිසක් ගුවන් යානයක් අපේක්ෂාවෙන් කාබුල් ගුවන් තොටුපළ රැඳී සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.