Friday, May 3, 2024

General line - 0115112241

චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ 




ජූලි මාසයෙන් පසු පළමුවරට ඊයේ චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු දේශීයව වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇතත් එම සියලු ආසාදිතයින් විදේශ රටවල සිට පැමිණ චීනයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්. 

ඒ අනුව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ලොව පුරා පැතිර යමින් ඇති පසුබිමක් තුළ චීනයෙන් මෙලෙස අඛණ්ඩව දේශියව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුනහොත් ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ ලොව පළමු රට බවට චීනය පත්වනු ඇති. 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් පළමු වරට හඳුනා ගැනුණේ චීනයේ නැන්ජින් නගරයෙන්. ඒ, ඉකුත් ජූලි මාසයේදීයි. 

ඒ අනුව මේ දක්වා චීනයේ ප්‍රදේශ 31 කින් ඩෙල්ටා ආසාදිතයින් 1,500 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. 

එලෙස ඩෙල්ටා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතැම් ප්‍රදේශවලට දැඩි සීමා පැනවීමටත් මිලියන ගනණක් දෛනිකව පරීක්ෂාවන්ට ලක් කිරීමටත් චීනය පියවර ගත්තා. 

2019 වසරේදී වූහාන් නගරයෙන් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග මුහුණ දුන් තත්ත්වය යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා චීනය දැඩිව වගබලා ගනිමින් සිටින බවයි විචාරකයින් පවසන්නේ.