Saturday, May 4, 2024

General line - 0115112241

අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට ඊශ්‍රායලයෙන් බුස්ටර් එන්නතක්




බූස්ටර් එන්නත හෙවත් තුන්වන කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබාදීමටයි ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

ඊශ්‍රායලය තුන්වන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කළේ ඉකුත් ජූලි මාසයේ සිටයි. එහිදී වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීමට සැලසුම් කර තිබුණා. තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කර මාසයක් ඉක්මවා යාමටත් පෙර ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාළනය වන ආකාරයක් පෙන්නුම් කරන බවයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ පවසන්නේ.

තුන්වන කොවිඩ් එන්නත වයස අවුරුදු 30 ට වැඩි රටේ සියලුම පුද්ගලයින්ට ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර ඇත්තේ ඒ අනුවයි.