Saturday, May 4, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගෙන් දැඩි තීරණයක් 




ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තවදුරටත් ත්‍රස්ත අවධානමක පවතින බව අමෙරිකාව අද ප්‍රකාශ කළා. 

ඔවුන් පවසන්නේ රොකට් ප්‍රහාරයක් හෝ වාහන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බවයි. 

ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට ඊයේ ප්‍රහාර දෙකක් එල්ල වුණා. 

එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද අයත්. 

ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිස පුද්ගලයින් 90 කට අධිකයි. 

එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ප්‍රහාරය හමුවේ ඇෆ්ගනිස්තානයේ සිදු කරන ගලවා ගැනීමේ මෙහෙයුම් කිසි ලෙසකින් නතර නොකරන බවයි. 

එමෙන්ම ඊයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමටද කටයුතු කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

තලෙයිබාන් සංවිධානය යටතට ඇෆ්ගනිස්තානය පත්වූ ඉකුත් 15 වනදා සිට මේ දක්වා පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දැනටමත් රට අතහැර ගොස් අවසන්.