Friday, May 3, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයෙත් ලොක්ඩවුන් දීර්ඝ වෙයි




නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නවසීලන්තය අද තීරණය කළේ රට ලොක්ඩවුන් කරමින් පනවා ඇති සීමා මේ මස අවසානය තෙක් බලාත්මක කිරීමටයි.

ඕක්ලන්ඩ් ඇතුලු තවත් ප්‍රදේශ 02 කට පනවා ඇති පූර්ණ ලොක්ඩවුන් සීමා තවත් සති 02 කට දීර්ඝ කිරීම කෙරෙහිද නවසීලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. නවසීලන්තය මෙලෙස ලොක්ඩවුන් සීමා දීර්ඝ කළේ එරට ආසාදිතයින් 347 ක් දක්වා වැඩි වෙමින් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරයාමත් සමගයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පනවා තිබූ ඇදිරි නීතියද සැප්තැම්බර් 10 වනදා තෙක් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ. සිඩ්නි නුවරට පනවා ඇති ඇදිරි නීතිය සැප්තැම්බර් මස අවසන් වන තෙක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එලෙස අද ලොක්ඩවුන් සීමා දිර්ඝ කිරීමට තීරණය කළේ ලොක්ඩවුන් කිරීම යනු කොරෝනා පාළනයට ඇති හොදම විසදුම නොවන බවට ප්‍රකාශ කර සතියක් ගතවීමටත් පෙරයි.