Sunday, May 19, 2024

General line - 0115112241

කොවිඩ් වෛරසය ආසාදනය වූ අයුරු ගැන ඇමති බන්දුල කියයි 




කොවිඩ් -19 වෛරසය තමන්ට ආසාදනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශකර තිබෙනවා. 

සෑම අවස්ථාවකම නිවැරදිව මුහුණු ආවරණය පළදින තමන්ට වෛරසය ආසාදනය වූ බවයි. එමෙන්ම ජනතාව සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළද සිටිය යුතු බවත් ගමනක් යාමේදී කිසිදු අවස්ථාවක මුහුණු ආවරණය ඉවත් නොකිරීමට වගබලා ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ..

" රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක මහජන නියෝජිතයෙකු වන මා හට රාජකාරි වලින් මිදිය නොහැකි වනවා මෙන්ම මාගේ නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට ද සිදු ව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස මාගේ රාජකාරි කටයුතු අද දිනද Zoom තාක්ෂණය  ඔස්සේ සිදු කරන්නෙමි. 

මෙහිදී මා හා පසුගිය දින කිහිපය පුරාවටම සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින්, පහසු පරිදි සිය රාජකාරිය මාර්ගගත ඉටු කිරීමටද මා විසින් උපදෙස් ලබා දුන් අතර මොහොතකට හෝ රාජකාරියෙන් බැහැර වීම, රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බැවින් මාගේ වගකීම ආරක්ෂිතව ඉටු කරමි.

එසේම, ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි. මන්ද යත්, මෙතෙක් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදිත Respirone Nano AV 99 මුහුණු ආවරණය පැළඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝ දෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය. 

නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි. ඒ වන විටත් වෙෙරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි.

එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න."