Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාව වගකීමෙන් තොරව හැසිරුණහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජූඩ් සමන්ත




තවදුරටත් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු නොකළහොත් නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මේ, එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න. 

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ ජනතාව සිය වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් ඇඳිරි නීතිය පැනවීමෙන් අපේක්ෂිත ප්‍රථිපල ලබාගැනීමට නොහැකි වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය කටයුතුවලට මුවා වී ජනතාව තවදුරටත් අනවශ්‍ය ගමන්බිමන්වල නිරත වෙමින් සිටින බවයි. 

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් භාවිත කළ රථවාහන 63 ක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 60,288 ක්.