Sunday, May 19, 2024

General line - 0115112241

එන්නත ලබා ගැනීමට පැමිණි දොඩන්දූවේ පිරිසක් පීඩාවට (VIDEO)




හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි පිරිසට එන්නත ලබා නොගෙන ආපසු  හැරියාමට සිදු වී තිබෙනවා. ඒ, එහි සිටි කාර්ය මණ්ඩලය එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමීම හේතුවෙන්. අදාළ කාඩ්පතෙහි එන්නත ලබාගත් බවට සටහන් කළද එන්නත ලබානොදී හික්කඩුව සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ආපසු හැරී ගිය බවයි එහි සිටි ජනතාව චෝදනා කළේ. මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හට ගැණුනා.

මේ අතර  කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබාගැනීමේදී නියමිත එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවලට ගොස් ගැටළු ඇති කිරීමෙන් වළකින ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.  

ඉකුත් දිනවලදී ද ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණි ජනතාවද පීඩාවට පත් වුණා. එවන් අවස්ථාවලදී උණුසුම් තත්වයන් ද හට ගැණුනා. 

කොරෝනා මර්දන එන්නත ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යුද හමුදාපතිවරයාගෙන් අද විමසීමක් කළා. ඊට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.