Sunday, May 19, 2024

General line - 0115112241

සිය ගැටළුවලට පිළිතුරු දීමට කල් ගත වුවාට කමක් නැහැ - ගුරු සංගම් කියයි




සිය ගැටළුවලට විසදුම් ලබාදීමට කල් ගතවීම තමන්ට ප්‍රශ්නයක් නොමැති බව ඔන් ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වු ගුරු විදුහල්පතිවරුන් පවසනවා. එහෙත් සිය ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කලහොත් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කළ හැකි බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ. 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං සදහන් කළේ ඒ පිළිබද සැලකිල්ලට ගනිමින් සිය ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබාදීම රජයේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවයි.