Sunday, May 19, 2024

General line - 0115112241

ව්‍යාජ ඔක්සි මීටර් වෙළඳපොළට  




ව්‍යාජ ඔක්සි මීටර් පන්දහසට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වෙළද පොළෙන් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. 

කොරෝනා රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සදහා ඔක්සි මීටර් යොදා ගැනීමත් සමග එම උපකරණවලට ඇති ඉල්ලුමද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. 

මේ හේතුවෙන් ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස ඔක්සි මීටර් අළෙවි කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක, නීති බලගැන්වීම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා පැවසුවේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැති ලද ඔක්සි මීටර් භාවිත කිරීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත හැකි බවයි ඔහු සදහන් කළේ. 

ප්‍රමිතියෙන් තොර එවැනි උපකරණ වෙළද පොලෙන් ඉවත් කිරීමේ කටයුතු ඉදිරියටත් සිදු කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක, නීති බලගැන්වීම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.