Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් තද වැසි




බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව සහ මධම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයටත් වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙනවා. 

ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 02 න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සිහත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

මධම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වුණා.