Sunday, May 19, 2024

General line - 0115112241

කේරල ගංජා කිලෝ 183 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට




කේරල ගංජා කිලෝ 183 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම මුරුන්කන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුරුන්කන් නගරයේදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කල අවස්ථාවේදීයි. 

එහි තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 183 ග්‍රෑම් 715 ක් සොයාගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචි 28 සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් දෙදෙනා මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.