Sunday, May 19, 2024

General line - 0115112241

ගතවූ පැය 24 තුලදී දකුණ පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 950ක්

ලලිත් චාමින්ද - ගාල්ල




දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් ආසාදිත රෝගින් 958 දෙනෙකු වාර්තා වි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කර සිටියි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින්  416 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගින්  383 දෙනෙකු වාර්තා වි  ඇත. මේ වනවිට දකුණු පළාතෙන්  වාර්තා වි ඇති කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 52,493 දක්වා වැඩිවි ඇත.

දකුණු පළාතේ පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 26ක කොවිඩ් ආසාදිත රෝගින් 2373 දෙනෙකු ප්‍රථිකාර ලබන බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසන්නේ.