Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා මඩින දේශීය ඖෂධ නිවසටම




ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන දේශීය ඖෂධ තෝරාගත් නිවෙස් වෙත ලබාදීම තවත් සතියකින් පමණ ආරම්භ කිරීමට හැකිවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. එම වැඩසටහනේ පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පැවසුවේ කොරෝනා ආසාදිතයින්ට ලබාදිය හැකි ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ 14ක් මේවනවිටත් සකස් කර ඇති බවයි.

දැඩි කථාබහට ලක්වූ කොරෝනා පැණියට අත්වූ ඉරණම හා කොරෝනා මර්ධනයට දේශීය වෙදකමට ඇති හැකියාව පිළිබද සාකච්ඡා කෙරෙන වීඩියෝවක් නෙත් නිවුස් අපගේ යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.