Monday, May 20, 2024

General line - 0115112241

බදියුදීන්ට දුරකතනය දුන් ජේලර් අල්ලයි




දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනයක් ලබාදීමට  කටයුතු කළ බන්ධනාගාර ජේලර්වරයා හදුනාගෙන තිබෙනවා. ඒ, බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුවයි. ඔහු මැගසින් බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙක්. 

ඒ අනුව මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විනය පරීක්ෂණයකට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත්තේ.