Monday, May 20, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතව සිටි යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මියයයි




යුද හමුදා මූලස්ථානයේ විශ්ලේෂණ සහ සංවර්ධන ශාඛාවේ අධ්‍යක්ෂවරයාව සිටි වේ බ්‍රිගේඩියර් සුදත් උදයසේන කොරෝනා වෛරසය ආසාදිතව මියගොස්  තිබෙනවා. ඒ, කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 53 ක්.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ තරුණ මාධ්‍යවේදියෙක්ද කොරෝනා වෛරසයට බිළිවී තිබෙනවා. 26 හැවිරිදි ඔහු ප්‍රගාස් ඥානප්‍රගාසම් නම් වූ මාධ්‍යවේදියායි. අසනීප තත්ත්වයක් මත රෝද පුටුවක සිට සිය මාධ්‍ය කටයුතු සිදු කළ ඔහු නිදහස් මාධ්‍යවේදියෙක්. 

මේ අතර පූගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටියදී සොයාගත් එකම පවුලේ සහෝදරයෙකුට සහ සහෝදරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, වතුපිටිවල රෝහලේදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදීයි.