Saturday, May 18, 2024

General line - 0115112241

ස්පුට්නික් දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි ජනතාවටත් සුබ පණිවිඩයක්

ශානිකා ලක්මාලි




ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් එහි දෙවන මාත්‍රාව පිළිබඳ කිසිඳු බියක් ඇතිකර ගත යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මෙම මාසය තුලදී මෙරටට අවශ්‍ය ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 20,000 ක් ලබාදීමට රුසියාවේ එන්නත් නිෂ්පාදන සමාගමක් එකගත්වය පළකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

මෙම සතිය තුලදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.  

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ කොටසක දත්ත මැකී යාමේ සිද්ධීය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.