Saturday, May 18, 2024

General line - 0115112241

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට 03 වන මාත්‍රාවක් දෙන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලයි




කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 02 ම ලබාගත් මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මේ, එම සංගමයේ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා. 

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ.  

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුලදී මෙරටින් කොරෝ 2, 564 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 62, 023 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 84, 557 ක් වනවා. මේවනවිට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 67,515 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ , දේවගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළුනු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.