Saturday, May 18, 2024

General line - 0115112241

නව වැඩපිළිවෙලක් යටතේ රටත් පක්ෂයත් නැවත නගා සිටුවනවා - එජාපයේ 75වන සංවත්සරය දා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි




එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ සිය 75 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. 

"ශ්‍රී ලංකාව ගොඩනැගීමට මෙන්ම නව එක්සත් ජාතික පක්ෂයක ගොඩ නැගීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනු ලබනවා. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පරාජයට පත්වුයේ ද අප පැරණි ක්‍රමයට ඊට මුහුණ දුන් නිසයි. ඒ අනුව නව වැඩපිළිවෙලක් යටතේ පක්ෂය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාව ගොඩනැගීමට අප සියලු දෙනා එක්ව මෙම නව වැඩපිළිවෙල යටතේ ඉදිරියට යෑමට අධිෂ්ඨානය කර ගත යුතුයි.

ශ්‍රී ලංකාවටත් එක්සත් ජාතික පක්ෂයත් යකඩ රාමුවක් මෙන් ශක්තිමත්ව නැගී සිටීමට කාලයයි මේ..." එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.