Saturday, May 18, 2024

General line - 0115112241

එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් ගණන අනූ හතර ලක්ෂය ඉක්මවයි 




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් ගණන අනූ හතර ලක්ෂය ඉක්මවා තිබෙනවා. 

ඒ අනුව ඊයේ දිනය අවසන් වන විට මෙරට භාවිත කරන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක, එන්නත් මාත්‍රා දෙකම ලබාලත් පුද්ගලයින් ගණන අනූ හතර ලක්ෂ 14,851 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. 

මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි විසි අට ලක්ෂ 23,147 ක් වනවා.

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 88,441 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ 961 දෙනෙකුට ලබාදී තිබෙනවා. 

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි එක් ලක්ෂ 10,131 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. සයිනොෆාම් එන්නතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන හැත්තෑපන් ලක්ෂ 62,134ක්. 

මේ අතර ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 24,550 දෙනෙකුට ලබාදී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 1,326 ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම මස දෙවන සහ තුන්වන සතිය අතර කාලය වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට එන්නත් මාත්‍රා දෙකම ලබදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.