Saturday, May 18, 2024

General line - 0115112241

ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක්




ආනයනික ලොකු ළුෑණු සඳහා කිලෝවකට රුපියල් 40 ක බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදියි. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ දේශීය ලොකු ළුෑණු ගොවීන් ශක්තිමත් කිරීමේ අරමුණින් එම තීරණයට එළඹි බවයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර මහා පරිමාණයෙන් වාණිජ කිරි ගොවිපළ පිහිටුවීම සඳහා බදු පදනම යටතේ රජයට අයත් ඉඩම් අක්කර 2,171 ක් සමාගම් 06 කට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

වසර 30 ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම යටතේ එම ඉඩම් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහිදී කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.