Saturday, May 18, 2024

General line - 0115112241

ඉල්ලා අස්වීම ගැන කබ්රාල් කතා කරයි




රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී මහ බැංකු අධිපති ධූරය භාරගැනීමේ සූදානමක් ඇති බවට තමන් සම්බන්ධයෙන් පළව ඇති පුවත අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මේ බව කියා සිටියා.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු පිළිතුරු ලබාදුන්නේ නැහැ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණගෙන්ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.