Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ තරුණයින්ටත් ෆයිසර් දෙන්න - ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඉල්ලීමක්




වයස අවුරුදු 20 ත් 30 ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ තරුණයින්ටද ෆයිසර් එන්නත ලබාදීමට අවදානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත ප්‍රශ්ණයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ මෙරට භාවිතයට ගැනෙන සියලු කොවිඩ් මර්දන එන්නත් තරුණයින් සඳහා සුදුසු බවයි.