Sunday, May 19, 2024

General line - 0115112241

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස තවත් ඉහළට 




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් ගණන අනූ හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් තුන් ලක්ෂ හය දෙනෙකුට මෙරට භාවිත වන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීමත් සමඟයි. 

ඒ අනුව කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන අනූ හත් ලක්ෂ 14,857 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

කොවිඩ් එන්නතක පළමු මාත්‍රාව ලබා ගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි 29 ලක්ෂ 52,755 ක් වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් ගණන හැත්තෑ අට ලක්ෂ 40,922 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් දෙලක්ෂ 78,788 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමත් සමඟයි. 

ඊයේ දිනයේදී ලබාදී ඇති සයිනොෆාම් පළමු මාත්‍රා ගණන එක් ලක්ෂ 26,272 ක්. 

ඒ අනුව එම එන්නත් මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි දෙලක්ෂ 36,403 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලයින් 19,956 දෙනෙකුට ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී ලබාදී ඇති ස්පුට්නික් වී දෙවන එන්නත් මාත්‍රා ගණන 375 ක් වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.