Sunday, May 19, 2024

General line - 0115112241

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇඟවීමක් 




කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ජනතාව පත්ව ඇති බියෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඇතැමුන් ක්‍රියා කරමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ විද්‍යාත්මක දත්ත මත පමණක් තීරණවලට එළඹිය යුතු බවයි.

විවිධ වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් ද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවද වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.