Sunday, May 19, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරමට සම්බන්ධ බොබ් මාලි නැමැත්තා අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහය පතයි




බේරුවල මුහුදු තීරයේදී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288 කට අධික හෙරොයින් තොගය සම්බන්ධ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා. 

කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් බොබ් මාලි ලෙස හඳුන්වන අදාළ සැකකරු මේ වන විට පොලීසිය මඟ හරිමින් සැගව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. 

එම ඡායාරූපය පහතින්.